පරිගණක සොරාව පිටුවහල් කරයි




එමිරේටයේ වෙළඳසැළකින් පරිගණකයක් සොරකම් කළ පුද්ගලයෙකුට මාස6ක සිරදඩුවමකින් පසු රටින් පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

ඩිරාම් 2,999 පමණ වටිනා ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්ජුමෙයිරා නගරයේ වෙළඳසැලකින් සොරකම් කිරීම සම්බන්ධයෙන් 32 හැවිරිදි ආසියාතිකයෙකුවරදකරු වී ඇත.

ලැප්ටොප් පරිගණකයේ තිබු තීරු කේත ස්ටිකරය ගලවන ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වී ඇති අතර, පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු සොරකම පිළිබඳව පාපොච්චාරණය කළේය.

ලැප්ටොප් පරිගණකයේ වටිනාකමට හරියන ඩිරාම් 2,999 ක දඩ මුදලක් ගෙවීමට ද ඔහුට නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online -ඩුබායි නගරය)

RECOMMEND POSTS