නෙදන්යාහුට බල කිරීමක්
ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට බල කර සිටියේ, කඩිනමින් ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසය.
‘හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේදී පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය වෙනවා. කාන්තාවන් දරුවන් ඝාතනය වෙනවා. තව දුරටත් ඇමෙරිකාවට නිහඬව බලා සිටින්න බැහැ’ යැයි උප ජනාධිපතිනි කමලා හැරිස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළාය.
‘මාස 9 ක කාලයක් තිස්සේ ගාසා තීරයේ පවතින අර්බුදකාරී තත්ත්වය කිසිසේත් අනුමත කරන්න බැහැ. මහා ව්‍යසනයක් සිදුවුණා. ජීවිත හානි බොහොමයි. ගාසා වැසියන් මියයනවා. ඔවුන් කුසගින්නේ. ඔවුන්ට ලෙඩ රෝගවලින් පීඩා විඳිනවා. දස දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වෙලා.’ යැයි උප ජනාධිපතිනී කමලා හැරිස් පෙන්වා දුන්නාය.
ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙන්ම, එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින්නේ ද කමලා හැරිස්ය.
කමලා හැරිස්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුවහොත්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව වනු ඇත්තේ ද ඇයයි. ඊශ්‍රායල හමාස් සටනේදී වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය කොන්දේසි විරහිතව ඊශ්‍රායලට සහාය දක්වයි.
(ඒ.එෆ්.පී.)