නෙදන්යාහු ජාතිකවාදී පක්ෂය හවුල් කරගනී



ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා බෙන්ජමින් නෙදන්යාහු අන්ත ජාතිකවාදී පක්ෂය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ.

බෙන්ජමින් නෙදන්යාහු නියෝජනය කරන්නේ ‘ලුකුද්’ පක්ෂයයි. තවත් අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂ රැසක සහාය ද ‘ලුකුද්’ පක්ෂයට හිමිවෙයි.

නව රජයක් පිහිටුවීමට නෙදන්යාහු සමඟ එක් වූයේ අවිස් මේසෝගේ අන්ත ජාතිකවාදී ‘නොආම්’ පක්ෂය සමඟය. ඇතිකරගත් එකඟතාවට අනුව නෙදන්යාහුට අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙද්දී, අවිස් මේසෝ ට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවනු ඇත.

අන්ත ජාතිකවාදීන් සමඟ එක් වී රජයක් පිහිටුවීමට නෙදන්යාහු තීරණය කිරීම ධුරයෙන් ඉවත් වන අග්‍රාමාත්‍ය යාර් ලුපිද්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බරයේය. වසර තුනහමාරක් ඇතුළත එරට පැවැත්වුණු පස්වැනි පාර්ලිමේන්තු  එය විය.

ඊශ්‍රායලයට වසර තුනහාමාරක් ඇතුළත පස් වරක් මර මැතිවරණ පැවැත්වීමට සිදුවූයේ කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවීම සහ පිහිටුවා ගත් සන්ධාන රජයයන් මත ගැටුම් හේතුවෙන් බිඳ වැටීම සිදුවුණු බැවිනි.

සැප්තැම්බරයේ පැවැති මැතිවරණයෙන්, වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නෙදන්යාහු ප්‍රමුඛ ඔහුගේ දක්ෂිණාංශික දේශපාලන සන්ධානය සමත් විය. ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාව ආසන 120 කින් සමන්විතය.

සැප්තැම්බරයේ මැතිවරණය පැවැත්වෙන තුරු භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ කටයුතු කළේ යාර් ලුපිද් ය. ලුපිද් මධ්‍යස්ථ මතධාරී ‘යෙෂ් අතිද්’ දේශපාලන කණ්ඩායමට නායකත්වය සෙයි. යාර් ලුපිද් සහ ‘යෙෂ් අතිද්’ දේශපාලන කණ්ඩායමට සහාය දක්වන මධ්‍යස්ථමතධාරීන් දෙවැනි ස්ථානයට පත් විය.

ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත්තේ ද නෙදන්යාහුය. ඔහුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වෙයි. කෙසේ නමුත්, නෙදන්යාහු තරයේ පවසන්නේ තමන් කිසිදු වරදක් කර නොමැති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS