නෙදන්යාහු ඇමෙරිකන් කොංග්‍රසය අමතයි



ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) අමතමින්, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධය සාධාරණීකරණය කළේය.

‘ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, අපේ පමණක් නොවෙයි, ඔබලාගේ (ඇමෙරිකාවේ) සතුරෝ. හමාස් සටන්කාමීන්ට සහාය දක්වන ඉරානයත් ඊශ්‍රායලයේ පමණක් නොවෙයි ඔබේත් සතුරෙක්. අප ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ලබන ජයග්‍රහණය, ඔබ (ඇමෙරිකාව) ලබන ජයග්‍රහණයක්’ යැයි කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කරද්දී, වොෂින්ටන් අගනුවර ඊශ්‍රායල විරෝධී විරෝධතා රැලි පැවැත්විණි. එම විරෝධතා සංවිධානය කර තිබුණේ පලස්තීන හිතවාදීන්ය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, එම විරෝධතාකරුවන්ට දොස් නැගුවේය.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු ධවල මන්දිරයට ගොස් ඇමෙරිකා ජනාධිපතිනී ජෝ බයිඩන් පමණක් නොව, උප ජනාධිපතිනී කමලා හැරිස් ද හමුවීමට නියමිතව සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS