දුරකථන ඇමතුම් නොමිලේ



මොරොක්කෝ රාජ්‍යයේ සිදු වු විනාශකාරී භූමිකම්පාවෙන් පසු එමිරේට්ස් දුරකථන සේවා සපයන්නන් මොරොක්කෝවට ලබාගන්නා ඇමතුම් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

2023 සැප්තැම්බර් 15 දක්වා නොමිලේ දුරකථන ඇමතුම් ලබාගැනීමටඅවස්ථාව ලබාදී ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් පුරවැසියන්ට, පදිංචිකරුවන්ට සහ ව්‍යාපාරවලට දැන් නොමිලේමොරොක්කෝවට දුරකථන ඇමතුම් ලබාගත හැකි බව “එටිසලාට්“ සහ “ඩු“ යන දුරකථන සමාගම් දෙක නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS