තෙල් කප්පාදුවකට සෞදිය සැරැසෙයි



ඉහළ මිලක් ලබාගැනීමේ අරමුණින්, නිෂ්පාදන කප්පාදුවක් කිරීමට සෞදි අරාබිය ප්‍රමුඛ, ලොව තෙල් නිෂ්පාදනය කරන ‘ඔපෙක්’ සංවිධානයට අයත් රටවල් එකඟ වී තිබේ.

ඒ අනුව, සෞදි අරාබිය මෙම මාසයේ දී දිනකට තෙල් බැරල් මිලියනයක කප්පාදුවක් සිදු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ වනතුරු සෞදිය දිනකට නිෂ්පාදනය කළ තෙල් බැරල් ප්‍රමාණය මිලියන 10 ක් විය. විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ, වසර ගණනාවකින් සිදුවුණු විශාලතම කප්පාදුව බවය.

එලැඹෙන 2024 වසර දක්වා අඛන්ඩව මෙම කප්පාදුව ක්‍රියාත්මක කිරීමට ද ‘ඔපෙක්’ රටවල් තීරණය කර තිබේ.

මෙම තීරණයත් සමඟ ලෝක වෙළඳපොලේ ‘ඩබ්ලිව්.ටී.අයි.’ බොර තෙල් බැරලයක මිල සියයට 1.95 කින් වැඩි වී ඩොලර් 73 යි ශත 9 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

‘බ්‍රෙන්ට්’ බොරතෙල් බැරලයක් සියයට 1.88 කින් ඉහළ ගොස් ඩොලර් 77 යි ශත 58 ක් ලෙස සටහන් විය.

(රොයිටර්)


RECOMMEND POSTS