තුර්කියට භූමි කම්පාවක්



තුර්කියේ අඩානා පළාත රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගියේය.

ඉස්තාන්බුල් නුවර පිහිටි ‘කණ්ඩිලි’ භූ කම්පන නිරීක්ෂණාගාරය පැවැසුවේ, භූමි කම්පාව තුර්කි වේලාවෙන් උදේ 8 ට පමණ හටගත් බවය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය, කොසාන් දිස්ත්‍රික්කයේ අඩානා නගරයේ සිට කිලෝ මීටර් 64 ක් දුරින් යැයි පැවැසෙයි. අඩානා නගරය ඇත්තේ සිරියානු දේශසීමාවට නුදුරිනි.

මීට මාස 6 කට පෙර, තුර්කි සිරියානු දේශසීමාවේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. එයින් 50,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.8 කි.


RECOMMEND POSTS