තුර්කි භූමි කම්පාවෙන් හානිය ඩොලර් බිලියන 100 ක්



මීට මාසයකට පෙර, එනම් පසුගිය පෙබරවාරි 6 වැනිදා තුර්කිය කැලැඹූ මහා භූමි කම්පාවෙන් සිදුවුණු දේපොල හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 100 පසු කරන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මෙසේ පවසා ඇත්තේ එහි නියෝජිතයන් තුර්කියට පැමිණ සිදුවී ඇති විනාශය දැක බලා ගනිමින්, තුර්කි රජය නිකුත් කළ ඇස්තමේන්තු වාර්තා ද පරීක්ෂා කිරීමෙන් පසුවය.

පෙබරවාරි 6 වැනිදා ඇතිවුණු ප්‍රබල භූමි කම්පාවෙන් තුර්කියට පමණක් නොව, සිරියාවට ද බලපෑම් එල්ල විය. තුර්කියේ සහ සිරියාවේ ජීවිතක්ෂයට පත්වුණු වැසියන් ගණන 52,000 ඉක්මවා තිබේ.

මේ වනවිටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකන් ඩොලර් බිලියන34.2 ක මුදල් ආධාර තුර්කි රජයට ලබා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS