තිරිඟු අස්වනු නෙලීම අරඹයි
ඕමානය තිරිඟු අස්වනු නෙලීම අරම්භ කර ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.
අක්කර 63 ක භූමි ප්‍රමාණයක තිරිඟු වගා කර ඇති බවත්, ආසන්න වශයෙන් ටොන් 53ක
අස්වැන්නක් අපේක්ෂා කරන බව ඕමාන් කෘෂිකර්ම හා ජල සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
තිරිඟු අස්වැන්නෙන් වාර්ෂිකව හොඳ ප්‍රතිලාභයක් ලැබෙන බව කෘෂිකර්ම හා ජල සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ, සුලෙයිමාන් සලීම් අල් අස්මි පැවසීය.
තිරිඟු වගා වාරය ආරම්භයත් සමඟ ගොවීන් 14 දෙනෙකු වෙත දේශීය ප්‍රභේදවල තිරිඟු බීජ ලබාදීමට කටයුතු කළ බව සුලෙයිමාන් සලීම් අල් අස්මි වැඩිදුරටත් පැවසීය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online මස්කට් නුවර)