තිදෙනෙක් ගංවතුරට බිලිවෙති



ඕමානයේ ගංවතුරෙන් දිවි අහිමි වු පුද්ගලයින් වෙනුවෙන් ශෝකය පළ කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කරන බව වාර්තා වේ.

ඕමානයේ මහාදා දිස්ත්‍රිකයේ ගංවතුර මිටියාවත හරහාමෝටර් රථ දෙකකින් ගමන් කරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදීමට එමිරේට්ස් ජාතිකයන් 7 දෙනෙකුට සිදු ව ඇත.

මෝටර් රථ දෙකම ගංවතුරට ගසා ගෙන ගොස් ඇති අතර, පුද්ගලයින් සිව් දෙනෙකු අනතුරින් බේරාගෙන ඇත.

එදිනම, අතුරුදහන් වූ එමිරේට්ස් ජාතිකයෙකුගේ සිරුර සොයා ගෙන ඇති අතර, පසුදින අනිත් මළ සිරුරු දෙක සොයා ගෙන ඇත.

අල් අයින් ප්‍රදේශයේ පදිංචිව සිටි පවුලේ සාමාජිකයන් වන මොහොමඩ් අල් කාබි, සලීම් අල් කාබි සහ කලීෆා අල් කබී ලෙස හඳුනාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක                            
(GDN Online අල්-අයින්නගරය)

RECOMMEND POSTS