ඩ්‍රෝන මිලදී ගන්න සෞදිය කැමැතියි



තුර්කියේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට සෞදි රජය කැමැත්ත පළ කර තිබේ. එම ගනුදෙනුවට අදාල ගිවිසුම්වලට සෞදියේ සංචාරයක යෙදෙන තුර්කි ජනාධිපති එර්දොවාන් අත්සන් කළේය.

අර්බුදයට පත් වී ඇති තුර්කි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ගනුදෙනුව ඉවහල් වනු ඇතැයි ද පැවැසෙයි. තුර්කි ජනාපධිති එර්දොවාන් සෞදියේ සංචාරයකට පැමිණියේ තුර්කි ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි.


RECOMMEND POSTS