ජගත් යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි
ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කිරීමේ ‘නොබැඳි’ යෝජනාවක්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කර ගැනුණි.
ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් මියයෑම සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වුණු අතර රටවල් 153 ක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.
සම්මත කර ගැණුනේ ‘නොබැඳි’ යෝජනාවක් බැවින්, ගාසා තීරයට පහර දීම නවත්වන්නැයි ඊශ්‍රායලට බලපෑමක් එල්ල නොවුණත්, ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, රටවල් බහුතරයකගේ එකතුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවක් සම්මත වුණු පළමු අවස්ථාව මෙයයි.
යෝජනාවට ඇමෙරිකාව ද ඇතුළු, ඊශ්‍රායලයට සහාය දක්වන රටවල් 10 ක් විරෝධය දැක්වීය. ඒ, ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පෙන්වා දෙමිනි. රටවල් 23 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
ආජන්ටිනාව, ජර්මනිය, නෙදර්ලන්තය, ඉතාලිය සහ එක්සත් රාජධානිය එම රටවල් අතරේ සිටින අතර, මානුෂීය සටන් විරාමයක් ඉල්ලා, ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 153 අතරේ ශ්‍රී ලංකාව ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.