ඝාතනයට අපේ සම්බන්ධයක් නෑ



හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හානියේ ඝාතන සිද්ධියට ඇමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඇමෙරිකන් රාජ්‍ය ‌ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

'හමාස් නායකයාගේ ඝාතනය ගැන අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේමයි ඒම ඝාතනවය ගැන අප දැන සිටියේ ද නැහැ' යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අවධානරණය කළේ 'චැනල් නිවුස් ඒ්ෂියා' පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඉරානයේ තෙහෙරාන් අගනුවර සිටි හානියේ ඝාතනයෙන් පසු, කුමන ඉරානය ඊට කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි ද කියා හෝ ඉදිරියට කුමක් වේවිදැයි අනුමාන කිරීමට පවා හෝ තමන්ට කළ නොහැකි බව ද රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS