ගුවන්යානයක් මඟීන් එක්කම ගිනි ගෙන



“ෆ්යි ඩුබායි“ ගුවන් සේවයට අයත් ගුවන් යානයක කුරුල්ලෙක් ගැටීම හේතුවෙන් ගිනි ගැනීමකට ලක් වී ඇති බව වාර්තා වේ.

නේපාලයේ කත්මන්ඩු නුවරින් ඩුබායි නුවර බලා ගුවන් මගීන් 167 දෙනෙකු සමඟ ගුවන්යානය පිටත් වී ඇත.

ගුවන්යානය ගුවන්ගත වී සුළු වේලාවකින් ගිනි ගත් බවත්, ගින්න පාලනය කිරීමට කටයුතු කළ බව නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශක, ජගන්නාත් නිරෝලා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS