ගුවන්තොටුපොලට පහර දෙන්න ඇවිත්



ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන් සෞදි අරාබියේ අබා ගුවන්තොටුපොලට ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

පුපුරණ ද්‍රව්‍ය පිරවු ඩ්‍රෝනා යානයක් ඒ සඳහා යොදා ගෙන ඇති බව අල්-අරාබියා රුපවාහිනි නාළිකාව වාර්තා කරනවා.

ප්‍රහාර එල්ල කිරීමට පෙර ඩ්‍රෝනා යානය විනාශ කර දැමීමට කටයුතු කළ බව සෞදි නායකත්වයෙන් යුත් සන්ධාන හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS