ගුවන්තොටුපළේ නම වෙනස් වෙයි



අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නම ඉදිරියේදි වෙනස් කරන බව වාර්තා වේ.

ඒ අනුව, අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ “සයිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ” ලෙස නම් කෙරේ.

එක්සත් අරාබි එමිරේට්ස්රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත නම් කරන ලෙස නියෝග නිකුත් කර ඇත.

2024 පෙබරවාරි 9 වන දින සිට නව නිල නාමය වන “සයිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ”, ලෙසභාවිතා කරන අතර,  ගුවන්තොටුපළේ නව පර්යන්තය නිල විවෘත කිරීමේ උත්සවයට සමගාමීව සිදුවේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS