ගුවන් යානාවල සාදයන් පැවැත්වීමට අවස්ථාවක්



පුද්ගලික ජෙට් යානාවල සාදයන්පැවැත්වීමට ඩුබායි සමාගමක් අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ.

පැයකට ඩොලර් 13,000 සිට ඩොලර් 14,000 දක්වා මුදලක් එක් ජෙට් ගුවන්යානයකට අයකරන බවත්, 16 දෙනෙකුට ගමන් කළ හැකි බවත්, ගුවන්යානා වෙන්කර ගැනීමට පහසුකම් සලසා ඇති බව සමාගම නිවේදනය කළේ ය.

වර්ණ වෙනස් කරන LED විදුලි පහන් මෙන්ම සෑම ජෙට් යානයකටම සුඛෝපභෝගී නිදන කාමරයක් ද ඇතුළත් වේ.

සමාගමට අයත් හෝටල් සහ නිවාඩු නිකේතන පහක් ඩුබායි හි පාම් ජුමෙයිරා හි පිහිටා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS