ගුවන් යානා 150 ක් ගන්න යයි



සෞදියා ගුවන් සමාගම් සමුහයපටු බඳ සහිත ගුවන්යානා 150ක් පමණ ඇණවුම් කිරීමට සැලසුම් කරඇති බව වාර්තා වේ.

සියළු සාකච්ඡා අවසන් අදියරයේ පවතින බවත්, ඉදිරි වසර 2හෝ 3 කාලය තුළ ගුවන්යානා ලබාදීමට ගුවන්යානා නිෂ්පාදන සමාගම කටයුතු කරන බව සෞදියා ගුවන් සමාගම් සමූහයේ ගුවන් යානා කළමනාකරණය පිළිබඳ උප සභාපති,සාලේ ඊද් රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් පැවසීය.

ඇණවුම් කරනු ලබන ගුවන්යානා සෞදි ගුවන් සමාගමට සහ “Flyadeal“ගුවන් සමාගමට ලබාදීමට කටයුතු කරන බවත්,සෞදියා ගුවන් සමාගම් සමූහයේ විශාලතම ගනුදෙනුව මෙය වනු ඇති බව උප-සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS