ගුවන් යානයක් හදිසියේ ගොඩ බස්සවයි



සෞදි ගුවන් සේවයට අයත් ගුවන්යානයක් හදිසියේ ඉන්දියාවට ගොඩ බස්සවා ඇති බව වාර්තා වේ.

සෞදි ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානක ඉදිරිපස වීදුරුව ඉරිතැලීම හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ කොල්කටා නුවර ගුවන්තොටුපොළ වෙත දහවල් 12.20 ට පමණ ගුවන්යානය නිරුපද්‍රිතව ගොඩ බස්වා ඇත.

ගුවන්යානය ගොඩ බැස්සවීමෙන් පසු, ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය ඉවත් කිරීමට කල්කටා ගුවන්තොටුපොළ කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online, රියාද් නුවර)

RECOMMEND POSTS