ගුවන් තොටුපොළ සේවකයන් අත්අඩංගුවට



ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ගුවන් මගීන්ගේ බෑග්වල තිබූ මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සේවකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි ගුවන්තොටුපළේ සේවකයින් තිදෙනාට මාස තුනක සිර දඬුවමක් සහ ඩිරාමි 50,000 දඩයක් නියම කර තිබේ.

සිර දඬුවම් කාලය අවසන් වූ පසු එම සේවකයන් පිටුවහල් කරනු ලබන අතර, අභියාචනාධිකරණයද එම දඩුවම තහවුරු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS