ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් 15ක් මරුට



උතුරු ඉරාකයේ සුලෙයිමානියා නගරයේ ගෑස් සිලින්ඩරයක් පසුගිය සතියේ පුපුරා යෑමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් පැය 17ක කාලයක් තිස්සේ සිදු කළ බව සිවිල් ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ ය.

සුලෙයිමානියා ආණ්ඩුකාර, හවාල් අබුබකර් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ ය.

ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් නිවාස තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, තවත් නිවාස කීපයකට හානි සිදු වී ඇති බවත්, මෝටර් රථ පහකට අලාභ හානි සිදු වී ඇති බව  පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - සුලෙයිමානියා නගරය)

RECOMMEND POSTS