ගෑස් ටැංකියක් පිපිරීමෙන් 18කට තුවාල



ඕමානයේ අල් සීබ් හි දකුණු මාබෙලා දිස්ත්‍රික්කයේ අවන්හලක ගෑස් ටැංකියන් පිපිරීයෑමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අවන්හලේ ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලබන ගෑස් ටැංකියක් හදිසියේ පුපුරා ගොස් ඇති බව මුලික පරීක්ෂණවලදි අනාවරණය කර ගෙන ඇත. 

සිද්ධිය සමබන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online මස්කට් නුවර)

RECOMMEND POSTS