ගාසා පාසලකට ප්රහාරයක්
ගාසා තීරයේ ඩීර් අල් බාලා නගරයේ පාසලකට ඊශ්රායල හමුදාව එල්ල කළ ප්රහාරයකින් 30 දෙනකු මියගිය බවත් 100 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
මියගියේත් තුවාල ලැබුවේත්, පාසලට අයත් ගොඩනැගිලිවල ආරක්ෂාව පවා රැඳී සිටි ගාසා සිවිල් වැසියන්ය. මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩිදෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.
ඊශ්රායල හමුදාව චෝදනා කර ඇත්තේ මෙම පාසල් ගොඩනැගිල්ලේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට හමාස් සටන්කාමීන් කටයුතු කර තිබුණු බවය. ඊශ්රායල හමුදාව පහර දී ඇත්තේ එම අවි ගබඩාව සහ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යැයි ද පැවැසෙයි.