ගාසා තීරයේ දහසකට උන්හිටිතැන් අහිමි වෙයි



හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල හමුදා දිගට හරහට ගාසා තීරයට බෝම්බ හෙලන බවත්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමි වුණු පලස්තීන සිවිල් වැසියන් ගණන 1,23,538 ක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

බෝම්බ ප්‍රහාර හමුවේ පලා යන පලස්තීන සිවිල් වැසියන් වෙරළාශ්‍රිත ප්‍රදේශවල පාසල් 64 ක නවාතැන්ගෙන සිටින බවත් ඔවුන්ට මානුෂීය ආධාර ලබා දීමට තමන් මැදිහත් වී සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන නිවාස 159 ක් සම්පූර්ණයෙන් බිමට සමතලා වී ඇතැයි ද පැවැසෙයි. තවත් නිවාස 1,210 කට හානි සිදුවිය.


RECOMMEND POSTS