ගාසා තීරයේ දරුවන්ට දැඩි හානි
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දිනකට ගාසා තීරයේ කුඩා දරුවන් 420 කට වැඩි පිරිසක් මියයන හෝ තුවාල ලබන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනවිට ගාසා තීරයේ පමණක් නොව, පලස්තීනුවන් ජීවත්වන බටහිර ඉවුරේ ද ගැටුම් පවතී. බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසිලමේ හටගන්නා ගැටුම්වලින් මේ වනවිට පලස්තීන දරුවන් 47 දෙනකු මියගොස් ඇති බව ද යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු, තම සන්නද්ධ අංශ සාමාජිකයන් සහ ඊශ්‍රායල හමුදාව අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙන බව හමාස් සංවිධානය පවසා තිබේ.
හමාස් සංවිධානය, ගාසා තීරයේ බලයේ සිටින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. ඊශ්‍රායලට පහර දෙන්නේ සන්නද්ධ අංශයයි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගොඩබිමින් පහර දීමට පටන් ගෙන ඇත්තේ ගුවන් ප්‍රහාර එල්ල කරමිණි. හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ හමාස් සටන්කාමීන් මැෂින් තුවක්කු සහ යුද ටැංකි නාශක අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් වඳින බවය.