ගාසා තීරයේ කතාව



ගාසා තීරය යනු මිලියන 2.1 ක් පලස්තීන වැසියන්ගේ පදිංචි කුඩා බිම් තීරුවය. පාලන ප්‍රදේශ පහකින් මෙම බිම් තීරුව සමන්විතය. උතුරු ගාසා, ගාසා සිටී, දියේර් එල් බාලාහ්, ඛාන් යූනිස් සහ රෆා යනුවෙන් හැඳින්වෙන්නේ එම පාලන ප්‍රදේශ සහ ප්‍රධාන නගරය.

මධ්‍යධරණී වෙරළ තීරයේ පිහිටි ගාසා තීරය, ඊශ්‍රායලයටත් ඊජිප්තුවටත් මායිම් වෙයි. ගාසා තීරුව වර්ග කිලෝ මීටර් 365 කි. එහි දිග වර්ග කිලෝ මීටර් 41 කි. උතුරින් පිහිටි බෙයිට් හනූන් නගරයේ සිට රෆා නගරයට වාහනයකින් ගියොත්, ගතවන කාලය පැයකි.

උතුරු ගාසා හි පදිංචි පලස්තීන වැසියන් ගණණ 430,000 කි. ගාසා සිටී හි පදිංචි සංඛ්‍යාව 7,31,000 කි. දියේර් එල් බාලාහ් හි පදිංචි සංඛ්‍යාව 3,10,000 කි. ඛාන් යූනිස් හි පදිංචි පලස්තීනුවන් ගණන 4,26,000 කි. දකුණු දෙසින් පිහිටි රෆා හි පදිංචි සංඛ්‍යාව 2,67,000 කි.

ඊජිප්තුවට මායිම් වෙන්නේ රෆා නගරයයි. නගරය හරහා ඇති දේශසීමා පිවිසුම වන්නේ රෆා දේශසීමා පිවිසුමය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමිවුණු පලස්තීනුවන්ට විදෙස් ආධාර ලැබෙයි. එය ප්‍රමාණවත් තරමින් නොලැබෙන බව පැවැසෙයි.  කෙසේ නමුත් එම මානුෂීය ආධාර ලැබෙන්නේ ඊජිප්තුව හරහා රෆා දේශසීමා පිවිසුම ඔස්සේය.

මේ වනවිට තෙවැනි මානුෂීය ආධාර තොගය ද දේශසීමා හරහා පලස්තීනයට ලැබී ඇති බව රතු අඩකව සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ජාත්‍යන්තරය මෙම ආධාර ලබා දීම සිදුවන්නේ පලස්තීන වැසියන්ට පමණය. ඒවා හමාස් සාමාජිකයන්ට ලැබෙන බව ආරංචි වුවහොත්, ආධාර ලබා දීම වහා නවත්වන බව ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු අඟවා තිබේ.

මේ අතර තුර්කිය නිවේදනය කර ඇත්තේ ඔවුන් තවත් ආධාර තොගයක් ගාසා පලස්තීන වැසියන් වෙනුවෙන් යැවීමට පියවර ගෙන ඇති බවය.

ඊට අමතරව, වෛද්‍ය උපකරණ, ඖෂධ සහ සෞඛ්‍ය සේවක කණ්ඩායම් ද ගාසා තීරයට යැවීමට කටයුතු කරන බව ද තුර්කි රජය පවසා තිබේ.ඊශ්‍රායලයට පහර දෙන හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වෙද්දී, නගර යට ඇති උමං පද්ධති තුළ සැඟවී ආරක්ෂාව ලබා ගනී. එහෙයින් ඊශ්‍රායල ප්‍රහාරවලින් බැට කන්නේ පලස්තීන සිවිල් වැසියන් පමණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS