ගාසා තීරයෙන් ඔමික්‍රෝන් හමුවෙයි



ගාසා තීරයෙන් පළමු වරට ‘ඔමික්‍රෝන්’ ආසාදිතයකු හමුවුණු බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.

හමුවුණු මෙම ‘ඔමික්‍රෝන්’ ආසාදිතයා ගාසා පදිංචිකරුවකු බවත්, වෙරළාශිත පදිංචිකරුවකු බවත් සෞඛ්‍ය අමාත්‍ය මජ්ඩී ඩහීර් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

පලස්තීනයේ සෞඛ්‍ය පහසුකම් ඉතා දුර්වල මට්ටමක පවතින බැවින්, ඔමික්‍රෝන් ව්‍යාප්තියක් සිදුවුවහොත් එය දරුණු තත්ත්වයක් වීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS