කොයිවෙලාවේ හරි පහර දෙන්න පුළුවන්



ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඕනෑම මොහොතක ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අනතුරු අඟවීය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙම අනතුරු ඇඟවීම කළේ ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ‘ජී7’ රටවල් සමඟ ද සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ.

මේ අතර, ඉරානයෙන් හෝ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බව ඊශ්‍රායලය පවසා ඇත.  ඊශ්‍රායලයේ ප්‍රධාන බුද්ධි අංශ සේවා ලෙස සැලකෙන්නේ, ‘මොසාඞ්’ සහ ‘ෂෙයින් බෙට්’ වන අතර, එම බුද්ධි අංශ ප්‍රධානීන්, ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රධානීන්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.


RECOMMEND POSTS