කුවේට් වෛද්‍ය සිසුන්ට සෞදියේ අවස්ථා



කුවේට් වෛද්‍ය සිසුන්ට සෞදි විශ්ව විද්‍යාලවල වැඩි ආසන ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

දෙරට අතර ඇති කරගත් සහයෝගීතාවයේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇත.

ජෝර්දාන් සහ ඊජිප්තු ශිෂ්‍යත්ව අත්හිටුවීමෙන් පසු වෛද්‍ය සිසුන්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන වැඩි අවස්ථා ප්‍රමාණයක් කුවේට් වෛද්‍ය සිසුන්ට ලබාදීමට සෞදි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරයි.

රියාද් හි අල්-ෆයිසාල් විශ්ව විද්‍යාලයේ 2023-2024 අධ්‍යයන වාරය සඳහා පසුගිය අධ්‍යයන වාරයට සාපේක්ෂව ආසන 100 දක්වා වැඩි කළ බවරියාද් නුවර කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සංස්කෘතික කාර්යාල ප්‍රධානි, අහමඩ් අල්-ඛාන්ෆාර් ප්‍රකාශ කළේ ය.

කුවේට් සිසුන් සඳහා වෙනත් විශ්ව විද්‍යාලවල ආසන වැඩි කිරීමට කාර්යාලය දිගටම උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක          
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS