කුවේටයේ ‘බාර්බි’ තහනම්



අති සාර්ථක ලෙස ලොව පුරා තිරගත වන ‘බාර්බි’ චිත්‍රපටය කුවේටයේ ප්‍රදර්ශනය තහනම් කරන බව කුවේට් සන්නිවේදන අමත්‍යාංශය නිවේදනය කර තිබේ.

චිත්‍රපටයේ සමලිංගිකත්වය ඉස්මතු වන බැවින් එය රටේ සදාචාරයට ගැටලුවක් යැයි කුවේට බලධාරීන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

ලොව පුරා තිරගත කිරීමෙන්, ඩොලර් බිලියනයක ආදායමක් ඉපැයීමට ද ‘බාර්බි’ චිත්‍රපටය මේ වනවිට සමත් වී ඇත. මාගොට් රූබී ප්‍රධාන චරිත නිරූපණය කරන, ග්‍රෙටා ගර්විජ් අධ්‍යක්ෂණය කළ ‘බාර්බි’ චිත්‍රපටය දිනෙන් දින ජනප්‍රිය වෙමින් පවතී.

මේ වනවිට ලෙබනනය ද ‘බාර්බි’ චිත්‍රපටය එරට ප්‍රදර්ශනය තහනම් කර තිබේ. ලෙබනනය ද පවසා ඇත්තේ, සමලිංගිකත්වය ඉස්මතු වන බැවින්, චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කළ බවය.


RECOMMEND POSTS