කිලෝ 800ක හෂීස් අල්ලයි



කුවේටය දෙසට යාත්‍රාවකින් රැගෙන යමින් තිබු හෂීස් කිලෝග්‍රෑම් 800ක් ලෙබනනය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නෙදර්ලන්තය පසුකරමින් කුවේටය බලා යාත්‍රා කරමින් තිබු යාත්‍රාවක තිබි මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව ලෙබනන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, බස්සම් මව්ලවි ප්‍රකාශ කළේ ය.

කුවේට් සහ ලෙබනන් ආරක්ෂක අංශ එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි නොවදින පෙට්ටිවල සඟවා ප්‍රවාහනය කර ඇති අතර, එක් පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS