කාන්තාර මැරතන් තරඟයට දින නියම කරයි



ඕමානයේ පැවැත්වෙන නවවැනි ඕමාන් කාන්තාර මැරතන් තරඟයට දින නියම කර ඇති බව වාර්තා වේ.

2024 ජනවාරි 20 දින සිට 24 දින දක්වා පැවැත්වෙන බව නිවේදනය කර ඇත.

මැරතන් තරඟ අදියර හතරක් යටතේ පවත් වන අතර සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර් 165කි.

පළමු දිනයේ කිලෝමීටර් 42ක්, දෙවන දිනයේ කිලෝමීටර් 55ක්, තුන්වන දිනයේදී කිලෝමීටර් 47ක් සහ සිව්වන සහ අවසන් දිනයේ කිලෝමීටර් 21ක් බව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS