කතුන් ලෙස සැරසී සිටියහොත් දඩුවම්



ඕමානය තුළ කාන්තාවන් මෙන් සැරසී සිටින පිරිමින් පුද්ගලයින්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන බව වාර්තා වේ.

ඕමාන් දණ්ඩ නීති සංග්‍රහයට අනුව, ඕමාන් රියාල් 100කට නොඅඩු සහ 300 නොවැඩි දඩයක් සමඟ මාසයකට නොඅඩු සහ වසරකට නොවැඩි කාලයක් සඳහා සිර දඬුවම් නියම කරනු ලැබේ.

ඇඳුමෙන් හෝ පෙනුමෙන් කාන්තාවන්ගේ පෙනුමට සමාන ආකාරයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින පිරිමි පුද්ගලයින් දඩුවමට යටත් වන බව නීතීඥයෙකු ටයිම්ස් ඔෆ් ඕමාන් වෙත පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS