කතකට ලිංගික අතවර කරන්න බඩගාලා



එමිරේට්ස් කාන්තාවකට අතරවර කිරීමට ඇයගේ නිදන කාමරයට හොර රහසේ පුද්ගලයෙකු ඇතුළු වී ඇති බව වාර්තා වේ.

හොර රහසේ කාමරයට ඇතුළු වී කාන්තාවගේ පාදය ස්පර්ශ කිරීමට පටන් ගෙන ඇති අතර, භීතියට පත් කාන්තාව කෑගසමින් තම මිතුරිය අවදි කරවීමට කටයුතු කර ඇත.

ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමෙන් පසු අතවරය සිදුකළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත‍.

කාන්තාවගේ අවසරයකින් තොරව නිදන කාමරයට ඇතුළු වී ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ වරදට 34 හැවිරිදි ආසියාතික පුද්ගලයාට මාස තුනක සිර දඬුවමක්  එමිරේට්ස් අපරාධ අධිකරණය නියම කර තිබේ.

අපරාධ අධිකරණය ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණය විසින්ද තහවුරු කරනු ලැබූ අතර, සිරදඬුවම් කාලය අවසන් වූ පසු ඔහු පිටුවහල් කරන ලෙස නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS