කටාර් රාජ්‍යයට හිටිහැටියේ මහ වැසි



කටාර් රාජ්‍යයට හිටිහැටියේ අකුණු සහිත තද වැසි ඇදහැළෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජූලි මාසයේ කටාරයට වැසි ඇද හැළෙන්නේ නැති බවත්, මෙවර ජූලි මාසයේ මෙසේ වැසි ඇද හැළීම විකෘති කාලගුණ පෙරැළියක් බවත් කලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මහ වැසි හේතුවෙන් කටාරයේ ප්‍රදේශ රැසක් යටවී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. ඉදිරි දින කීපය පුරා අකුණු සහිත තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS