කටාර් ගුවන් සේවයේ ප්‍රධානියාට බැණලා



ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි කංගනා රනූත් සහ කටාර් එයාර්වේස් ගුවන් සේවයේ ප්‍රධානී අක්බාර් අල් බකාර් අතර අර්බුදයක් හටගෙන තිබේ.

අර්බුදයට හේතුව, කංගනා රනූත් සමාජ මාධ්‍ය ඔස්සේ අක්බාර් අල් බකාර් විවේචනය කරමින්, ඔහු ‘මහ මෝඩයකු’ යැයි පැවැසීම නිසාය.

අක්බාර් අල් බකාර්, පසුගිය දා ඉන්දියාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය. ඒ, ඉන්දියාව සමග ගුවන් ගමන් නවත්වමින් ඉන්දියාට විරෝධය දැක්විය යුතුය කියාය.

කටාර් රාජ්‍යය සහ ඉන්දියාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් දෙදෙනකු මහම්මත්තුමාට අපහාස කිරීම මුල්කොට ගනිමිනි.

කටාර් රාජ්‍යය වැඩි දුරටත් පවසා ඇත්තේ මහම්මත්තුමාට අපහාස කිරීමේ එම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රසිද්ධියේ කටාර් රාජ්‍යයෙන් සමාව ඉල්ලීමක් කළ යුතු බවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS