කටාර් එමීර් අල් තානී ඊජිප්තුවේ සංචාරයක



කටාර් එමිර් තමීම් බින් හමාද් අල් තානී, ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණියේය. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගෙන් කටාර් එමීර්වරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව අතරේ ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.

කලාපීය මෙන්ම ගෝලීය අර්බුද සම්බන්ධයෙන් ද ජනාධිපති අල් සීසී සහ කටාර් එමීර්වරයා අතරේ සාකච්ඡා පැවැත්විණි.

යුක්රේන රුසියන් යුද්ධය ඊජිප්තු ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ. මේ හේතුව නිසා ඊජිප්තුවට ආර්ථිකමය වශයෙන් ශක්තියක් වීමට කටාර් රාජ්‍යය ද ඉදිරිපත් වී සිටී.

පසුගිය මාර්තු මාසයේ කටාරයෙන් ඊජිප්තුවේ ආර්ථිකය නංවාලීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක මුදල් පැකේජයක් හිමිවිය.

(ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS