කටාරයෙන් තෙල්-ගෑස් මිලදී ගන්න සූදානම්



රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින ජර්මනිය, කටාර් රාජ්‍යයෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීමට සූදානම් වෙයි.

ජර්මනිය පමණක් නොව, සෙසු යුරෝපා රටවල් ද තෙල් සහ ගෑස් මිලදී ගැනීම කළේ රුසියාවෙනි. කෙසේ නමුත්, රුසියාව යුක්රේනය අක්‍රමණය කිරීමත් සමඟ තෙල් සහ ගෑස් සැපැයුම් මුළුමනින්ම පාහේ අඩපණ වී ඇත.

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කළ හමුදා ක්‍රියාමාර්ගය හේතුවෙන් රුසියාවට සම්බාධක පැනැවීමත් සමඟ රුසියාවෙන් තෙල් සහ වාහු ආනයනය ජර්මන් රජය විසින් නවතා දැමුණි.

ජර්මන් මුදල් අමාත්‍ය රොබර්ට් හෙබෙක් දෝහා දෝහා බලා ගොස් කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී හමුවෙමින්, තෙල් සහ වායු මිලදී ගැනීමට අදාල ගිවිසුම්වලට අත්සන් තැබුවේය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS