ඕමානයේ ජනගහනය මිලියන 5 ඉක්මවයි



ඕමානයේ සමස්ථ ජනගහනය මිලියන පහ ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

2023 වසරේ පළමු භාගය වන විට ජනගහනය මිලියන පහඉක්මවා ගොස් ඇති බව සංඛ්‍යාලේඛන සහ තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කළේය.

සමස්ථ ජනගහනය 5,079,514දක්වා ළඟා වී ඇති අතර, එයින් 57% ක් පුරවැසියන් වන අතර, එය 2,895,547 කි.

ජනගහනයෙන් 43% ක් විදේශිකයන් වන අතර,එම ගණන 2,183,967 ක් වන බව නිවේදනයේ සඳහන් වේ.                                                                                                                                

ජානක ප්‍රියදර්ශන ජයතිලක                            
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS