ඕමානය යුනෙස්කෝ විධායක කවුන්සිලයට



ඕමානය යුනෙස්කෝ සංවිධානයේ විධායක කවුන්සිලයේ සාමාජිකත්වය (2023-2027) හිමි කරගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

2023 නොවැම්බර් 22 දක්වා පැරිසියේ පැවති යුනෙස්කෝ මහා සම්මේලනයේ 42 වැනි සැසිවාරයේදි ඡන්ද 159ක් ලබා ගැනීමෙන් පසු ඕමානයට සාමාජිකත්වය හිමි වී ඇත.

විධායක සභාව තෝරා පත් කරගනු ලබන්නේ මහා සම්මේලනය මගින් වන අතර, යුනෙස්කෝ  සංවිධානයේ ක්‍රියාකාරී වැඩසටහන් සඳහා ප්‍රතිපත්ති සැකසීම සහ අයවැය ඇස්තමේන්තු අධ්‍යයනය කිරීම වැනි වගකීම දැරීමට ඕමානයට සිදුවෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS