එර්දොවාන් යළි දිවුරුම් දෙයි



යළිත් වරත් විශිෂ්ට ජනවරමක් හිමිකරගත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, තවත් පස් වසරක කාලයක් සඳහා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය. 69 හැවිරිදි එර්දොවාන්, තුර්කි ජනාධිපති ධුරය හොබන්නේ 2014 වසරේ සිටය.

තුර්කි ජනාධිපතිවරණය වට දෙකකින් පැවැත්විණි. දෙවැනි වටයේ දී එර්දොවාන් සියයට 52 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ එය ඓතිහාසික ජයක් බවය.

දිවුරුම් දීමෙන් පසු කැබිනට් මණ්ඩලය පත් කිරීම සිදුවිය. පැරැණි රජයේ සෞඛ්‍ය සහ සංස්කෘතික අමත්‍යාංශ පැරැණි ඇමැතිවරුන් යටතේ පවත්වා යන බව ජනාධිපතිවරයා පැවැසීය. සෙසු අමාත්‍ය ධුර සඳහා අමාත්‍යවරුන් පත් කිරීම සිදුවිය.

නව මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු බැංකුකරුවකු සහ ආර්ථික විශේෂඥයකු වන මෙහ්මෙත් සිම්සෙක් පත් කෙරුණි. මෙහ්මෙත් සිම්සෙක් ජාත්‍යන්තරයේ ද පිළිගැනීමට ලක් වුණු පුද්ගලයෙකි.

(රොයිටර්)


RECOMMEND POSTS