එමිරේට්ස් වීරයා ඉහළින් පිළිගනියි



එමිරේට්ස් ගගනගාමී සුල්තාන් අල්-නෙයාඩ් දීර්ඝ අභ්‍යාවකාශ ගමනකින් පසු, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණි පසු ඉතා ඉහළින් පිළිගෙන ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ගගනගාමියා රැගත් ගුවන්යානය සවස 5.30 පමණ අබුඩාබි ගුවන්තොටුපොලට පැමිණීමත් සමඟ එමිරේට්ස් ධජයේ වර්ණ රැගත් ගුවන්යානා කීපයක් ඉහළ අහසේ පියාසර කරමින් පිළිගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථනයේ සාර්ථක අභ්‍යාවකාශ මෙහෙයුම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් සහඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සුබපැතුම් එක්කළ අතර, පැමිණ සිටි සියළුම දෙනාද ඔහුට සුබපැතුම් එක්කළේ ය.

"එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ධජය කවදා හෝ අඟහරු ග්‍රහයා මත සහ සඳ මත දැකීමට මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් ප්‍රකාශ කරමින් එමිරේට්ස් ගගනගාමියා එමිරේට්ස් පාලකයන්ට ආචාර කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS