එමිරේටයෙන් නව වීසා ක්‍රමයක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට යන බව වාර්තා වේ.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් අරාබී ජාතීන් හයකට දේශසීමා හරහා සිය රට තුළ නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව ලබා දෙන බව එමිරේට්ස්ආර්ථික අමාත්‍ය, අබ්දුල්ලා අල් මාරි ප්‍රකාශ කළේ ය.

ගල් රාජ්‍යයන්වල දැනට සේවය කරන විදේශ ශ්‍රමිකයන්ටද එම අවස්ථාව හිමිවන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

නේවාසික විදේශිකයන්ටමෙම වීසා ක්‍රමය හඳුන්වාදීමෙන් පසු, සංචාරක ව්‍යාපාරය නංවාලීමට උපකාරී වන බවත්, මෙම වීසා ක්‍රමය ඉතා ඉක්මණින් හඳුන්වාදිය හැකි බව අබුඩාබිහි  පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - අබුඩාබි නුවර)

RECOMMEND POSTS