එමිරේටයට ත්‍රස්ත අවධානමක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවට

බ්‍රිතාන්‍ය රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදීන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කරන බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කරයි.

නිවාස සංකීර්ණ, යුද, ගුවන්, ප්‍රවාහන, ගුවන්සේවා, අවන්හල්, හෝටල්, වෙරළ, සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන ප්‍රහාරයකට ඉලක්කය විය හැකි බවට සඳහන් කර ඇත.

ත්‍රස්තවාදීන් ගල්ෆ් කලාපයට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS