උණුසුම වැඩි නිසා ඉරානයට නිවාඩු
රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට, අසාමාන්‍ය ලෙස දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම හේතුවෙන් ඉරාන වැසියෝ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා සියින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
වයෝවෘද්ධ පුද්ගලයන් සහ කුඩා දරුවන් එලිමහනේ රැඳී සිටීමන් වැළැකිය යුතු බවත් හැකිතාක් දියර වර්ග පානය කළ යුතු බවත් ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.
දැඩි උණුසුම් කාලගුණය සම්බන්ධයෙන්, ඉරාන සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින්, ඉරාන රජය අද (2) සහ හෙට (3) දෙදින විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඉරාන කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇති අන්දමට එරට දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි. දැඩි උණුසුම නිසා රෝගීවන පුද්ගලයන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රෝහල් සියල්ල සූදානම් බව ඉරාන රජයේ ප්‍රකාශක අලී බහධූරි ජරෝමි පැහැදිලි කර තිබේ.