ඊශ්‍රායලයේ නගරසභා මැතිවරණයක්



අවස්ථා දෙකකදී කල් දැමුණු ඊශ්‍රායල නගරසභා මැතිවරණය ආරම්භ විය.

ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී, මාස 5 කට පසු පැවැත්වෙන මෙම නගරසභා මැතිවරණය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීම උදෑසන 7 ට ආරම්භ වූ බවත් රාත්‍රී 10 ට අවසන් වූ බවත් පැවැසෙයි. මිලියන 7 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. ඊශ්‍රායලයේත්, බටහිර ඉවුරේ සහ ගෝලාන් කඳුකරයේත් ඊශ්‍රායල බල ප්‍රදේශවල මැතිවරණ කටයුතු පැවැත්විණි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින සොල්දාදුවන් සියලු දෙනා පසුගිය සති අන්තයේ ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළ බව ද පැවැසෙයි. ඒ ඔවුන් වෙනුවෙන් පිහිටුවූ විශේෂිත ඡන්ද පොළවලදීය.


RECOMMEND POSTS