ඊශ්‍රායලයත් පලස්තීනයත් යළි ඇවිළෙයි



ඊශ්‍රායලය රජයේ හමුදාව ගාසා තීරයේ පලස්තීන ජිහාද් සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් නිර්මාණය වී තිබේ.

ගැටුම ආරම්භ වූයේ පලස්තීන ජිහාද් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයේ හඳුනාගත් ස්ථාන රැසකට ඊශ්‍රායල හමුදාව රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.

එම රොකට් ප්‍රහාරවලින් පස් හැවිරිදි කුඩා දියණියක් ජීවිතක්ෂයට පත් වූවාය. තුවාල ලැබූ ගණන 20 ක් යැයි පලස්තීන සෞඛ්‍ය අංශ පවසා තිබේ. ඊශ්‍රායල හමුදා එල්ල කළ රොකට් ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර ලෙස රොකට් එල්ල කිරීමට පලස්තීන ඉස්ලාමික් ජිහාද් සටන්කාමීහු කටයුතු කළහ. කෙසේ නමුත් ඒවායින් ඊශ්‍රායලයට හානියක් සිදුනොවිණි. ඒ, ඊශ්‍රායලයේ 'අයන් ඩෝම්' මිසයිල ආරක්ෂක පද්ධතිය එම රොකට් ප්‍රහාර නැවැත්වීමට සමත් වුණු බැවිනි.

ඊශ්‍රායලය රජයේ හමුදාව පැවැසුවේ, පලස්තීන ඉස්ලාමික් ජිහාද් සංවිධානයේ නායක ටයිරීස් ජබාරි ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ බවය.

ඊට අමතරව, ඊශ්‍රායල හමුදාව මැදිහත් වීමෙන් බටහිර ඉවුරේ ස්ථාන කීපයක වැටළීම් කළ සිදුවිය. එම වැටළීම්වලදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගණන 19 කි. ඔවුන් සියලු දෙනා පලස්තීන ඉස්ලාමික් ජිහාද් සටන්කාමීන් යැයි සැක කෙරේ.

(බීබීසී)


RECOMMEND POSTS