ඊශ්‍රායලයට අවි සැපයීම නවත්වන්න: කුමරු කියයි



ඊශ්‍රායලයට අවි සැපයීම නතර කරන ලෙස බ්‍රික්ස් සමුළුව අමතමින් සියලුම ජාතීන්ගෙන් සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සවුද් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා පුළුල් සාම ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස සෞදි අරාබිය 1967දි ඉල්ලා සිටි බව සෞදි ඔටුන්න හිමි කුමරු සමුළුවේදි පැවසීය.

ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ක්‍රියාන්විතයන් සහ ම්ලේච්ඡ අපරාධ වහාම නතර කරන ලෙසද ඉල්ලා සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS