ඊශ්‍රායලය පලස්තීන වැසියන් ආරක්ෂා කළ යුතුයි



හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගත යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් ගණන 8,000 පසු කිරීමත් සමඟය. එසේ මියගිය පලස්තීනුවන් අතර කුඩා දරුවන් බොහෝ දෙනකු සිටීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කනස්සල්ල පළ කර ඇත.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී, ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය පළ කරයි. පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්  ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සාධාරණ අයිතියක් ඇති බව ඇමෙරිකාව දිගින් දිගටම පෙන්වා දී තිබේ.


RECOMMEND POSTS