ඊශ්‍රායලය ත්‍රස්ත රාජ්‍යයක්



ඊශ්‍රායලය ‘ත්‍රස්ත රාජ්‍යයක්’ බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි. තුර්කි ජනාධිපතිවරයා ඊශ්‍රායලය විවේචනය කළේ ජර්මනියේ සංචාරයක නියැළෙමිනි.

තුර්කි ජනාධිපතිවරයා ඊශ්‍රායලය ‘ත්‍රස්ත රාජ්‍යයක්’ ලෙස හැඳින්වූයේ ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, ඊශ්‍රායල හමුදාව, හමාස් සටන්කාමීන්ට සිදු කරන ප්‍රහාර කිසිසේත් අනුමත කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දීමට ඊශ්‍රායලයට අනුබල දෙන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බවත්, එය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කරන බවට ද තුර්කි ජනාධිපති එර්දොවාන් ඊශ්‍රායලයට දොස් නැගුවේය.


RECOMMEND POSTS